කුඩා වතු හිමියන් සදහා නව්‍ය කෘෂි තාක්ෂණික විසදුම් ඉදිරිපත් කිරීම සදහා ''කෘෂිතාක්ෂණික පුනරුදය'' නමින් ප්‍රදර්ශනයක් ඊයේ (3) වන දින අනුරාධපුර ගොවිපල් යාන්ත්‍රික මධ්‍යස්ථානයේදී ගරු, වාරිමාර්ග හා ඉඩම් නියෝජය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
එහිදී අදහස් දක්වමින් ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ මෙතෙක් පැවති සාම්ප්‍රධායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණික ක්‍රම හා බද්ධ වූ කෘෂිකර්මාන්තයක් සඳහා ගොවීන් දිරිමත් කළ යුතු බවයි. ඒ ඔස්සේ වඩාත් ඵලදායී, කාර්‍යක්ෂම මෙන්ම, අවම පිරිවැයක් යටතේ නවීන යන්ත්‍ර උපකරණ භාවිතයෙන් ගොවීන් මුහුණපාන ගැටලු අවම කරගැනීමේ හැකියාවක් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යතුමන් පෙන්වා දුන්නා.
මීට අමතරව මෙම ඩිජිටල්කරණය හා බැඳුණු කෘෂිකර්මාන්තයේ පරිවර්තනීය වෙනස බිම් මට්ටමේ ජනතාව වෙත ගෙනයාම මෙම රජයේ අරමුණ බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.





