Skip to main content

EDOTCO Secures Sri Lanka’s First Telecommunications Infrastructure Services License

ICT Division

EDOTCO ආයතනයට ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය ලබා දෙමින්, රට පුරා ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම සඳහා විදුලි සංදේශ යටිතල පහසුකම් බෙදා ගැනීම සඳහා පළමු පියවර තබයි.

ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඇතුළත් ඩිජිටල් සම්බන්ධතාවයක් කරා යන ගමන වේගවත් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස, විදුලි සංදේශ අංශයේ යටිතල පහසුකම් බෙදා ගැනීමේ නව පියවරක් සනිටුහන් කරමින් ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ විදුලි සංදේශ යටිතල පහසුකම් සමාගමක් වන EDOTCO සමූහය, එහි අනුබද්ධිත සමාගමක් වන EDOTCO Services Lanka (Private) Limited ආයතනයට ශ්‍රී ලංකාවේ පළමු විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් නිල වශයෙන් ප්‍රදානය කර ඇති බව ඊයේ (2) දින නිවේදනය කළේය.

සම්බන්ධතා ව්‍යාප්තිය වේගවත් කිරීම, යටිතල පහසුකම් බෙදාගැනීම වැඩිදියුණු කිරීම සහ රට පුරා සියලු දෙනා ආවරණය වන ලෙස ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම සඳහා රජය ස්වාධීන, මධ්‍යස්ථ- කුළුණු සමාගම් හි සහාය ලබා ගැනීමත් සමඟ එය ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අංශයේ ඓතිහාසික වෙනසක් සනිටුහන් කරනු ඇත. එය (සංශෝධිත) 17 B වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත අනුකූලවන අතර පළමු වරට යටිතල පහසුකම් සපයන්නන් සඳහා සුවිශේෂී බලපත්‍ර රාමුවක් හඳුන්වා දීම මෙහිදී සිදු වේ. එමෙන්ම මෙහිදී රටේ ඩිජිටල් පද්ධතියේ ස්වාධීන මධ්‍යස්ථ- කුළුණු සමාගම් හි කාර්යභාරය විධිමත් ලෙස හඳුනා ගැනීම ද සිදු වේ.

බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අවධාරණය කළේ, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල පුරවැසියන්ට පවා රජයේ සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිවන ලෙස, ඔවුන්ගේ දෛනික ජීවිතයට ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීම සහතික කිරීම සඳහා සම්බන්ධතාවය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවයි.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් බන්දුල හේරත්, EDOTCO ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂ ගයාන් කෝරලගේ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

EDOTCO Secures Sri Lanka’s First Telecommunications Infrastructure Services License Sri Lanka took a significant step forward in advancing digital access yesterday (2) with the awarding of the country’s first Telecommunications Infrastructure Services License to EDOTCO Services Lanka (Private) Limited, a subsidiary of EDOTCO Group, Asia’s leading integrated telecommunications infrastructure provider.

The license, issued by the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL), introduces a new regulatory framework under Section 17B of the Sri Lanka Telecommunications (Amendment) Act, formally recognizing the role of independent mid-tier companies in strengthening the nation’s digital ecosystem. This marks a historic shift in the telecommunications sector, enabling greater infrastructure sharing and collaboration to accelerate connectivity across the island.

The government highlighted its commitment to working with independent infrastructure providers to expand coverage, enhance efficiency, and ensure that every citizen, including those in rural and underserved areas, can benefit from digital services and solutions.

Speaking at the ceremony, Hon. Eranga Weeraratne, Deputy Minister of Digital Economy, stressed that expanding connectivity is fundamental to enabling citizens to access government services and integrate digital technology into their daily lives. The event was attended by Waruna Sri Dhanapala, (Acting) Secretary to the Ministry of Digital Economy; Hans Wijesuriya, Chief Advisor on Digital Economy; Bandula Herath, Director General of TRCSL; Gayan Koralage, Managing Director of EDOTCO Sri Lanka; along with ministry officials and industry representatives.

image 01image 02image 03image 04image 05