Skip to main content

SLT-MOBITEL introduces free '247 Medical Assistance Service' to support communities affected by floods.

ICT Division

ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්'!

දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව‍ේ හඳුන්වා දී තිබේ. මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24 තුළම සක්‍රියව සේවයට කැපවූ වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමක් සමග සහය ඇවැසි ඇමතුම් ලබාදෙන්නන්ව වෛද්‍ය උපදෙස් සඳහා සම්බන්ධ කිරීම මෙම සේවාව මගින් සිදුවනු ඇත.

ජල ගැලීම් හේතුවෙන් සිදුවී ඇති තුවාල, උණ රෝගී තත්වයන්, ජලයෙන් බෝවන රෝග, හුස්ම ගැනීමේ අපහසුතා හෝ ජල ගැලීම් හේතුවෙන් පැන නගින වෙනත් ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් නිසා පීඩාවට පත්ව සිටින ඕනෑම අයෙකුට ක්ෂණිකව අවශ්‍ය වෛද්‍ය උපදෙස්, 247 අංකය අමතා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව ඔස්සේ ලැබෙනු ඇත. ආපදාවට ලක්වූ සියලු දෙනා හටම ප්‍රවේශය ලබාගැනීමට හැකියාව සලසමින්, ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ඇමතුම් ජාල හරහා මෙම සේවාව වෙත ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, මෙම අභියෝගාත්මක කාලය තුළදීත් ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබාදීමට නිරන්තරයෙන්ම කැපවීමෙන් කටයුතු කරයි. විශේෂයෙන් සෑම පුරවැසියෙකුම ආරක්ෂිතව සිටින බවත්, ඔවුන්ට සිය ආදරණීයයන් සමඟ මෙන්ම හදිසි සේවාවන් සමඟද සම්බන්ධතාවය පවත්වා ගැනීමට හැකියාව තිබෙන බවත් සහතික කර ගැනීම සඳහා SLT-MOBITEL ඇප කැප වී සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසී හවුල්කරුවෙකු ලෙස සෑම විටම ඔවුන් සමඟ එක්ව සිටගන්නා SLT-MOBITEL, මෙම සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමෙන් නැවත නැගී සිටීම සඳහා ජාතිය එක්ව කටයුතු කරන අතරතුර, අත්‍යවශ්‍ය සන්නිවේදන සහාය සහ වෛද්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී සිටී.

මෙම අභියෝගාත්මක කාලය තුළ අවධානයෙන් පසුවන ලෙසටත්, ප්‍රජාවක් ලෙස එකට එක්ව සිටින ලෙසටත්, එකිනෙකා ගැන සොයා බලමින්, ආරක්ෂිතව සහ සාමූහිකව සිටින ලෙසටත් SLT-MOBITEL විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

SLT-MOBITEL introduces free '247 Medical Assistance Service' to support communities affected by floods.

In response to the aftermath of Cyclone Ditwah, SLT-MOBITEL, in collaboration with the University of Colombo, launched a free '247 Medical Assistance Service' to provide relief to communities impacted by the disaster.

This emergency assistance service has been set up to offer medical advice and emergency support around the clock.

During this challenging period, a team of dedicated medical professionals will be available 24 hours a day, seven days a week, to connect those in need with medical advice through emergency calls.

This service is designed to assist anyone experiencing health issues due to flood-related injuries, fever conditions, waterborne diseases, breathing difficulties, or any other health problems caused by the floods. By dialing 247, citizens can immediately receive the medical guidance they need. The service is accessible to all individuals in Sri Lanka, and it is available through all telephone networks in the country.

As the national provider of telecommunications services, SLT-MOBITEL remains committed to supporting the people of Sri Lanka, especially during such challenging times.