අලුතින් ප්රකාශයට පත් කරන ලද ශ්රී ලංකා ඩිජිටල් ගැලපුම් පද්ධතිය (Sri Lanka Digital Design System – SLDDS) ඒකාබද්ධ මාර්ගෝපදේශ (Integrated Guidelines) ලේඛනය සම්බන්ධයෙන් ඔබගේ වටිනා අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස අපි මහජනතාවට, මෘදුකාංග සංවර්ධකයින්ට සහ ප්රවේශ්යතා විශේෂඥයින්ට ආරාධනා කරමු. මෙම ලේඛනය රජයේ ඩිජිටල් සේවාවන්හි දෘශ්ය අනන්යතාවය, වෙබ් ප්රවේශ්යතාව (WCAG 2.2) සහ කෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳ ජාතික ප්රමිතිය නියම කරයි.
අදහස් ලබා දිය හැකි කාලය: 2026 අප්රේල් 21 සිට 2026 මැයි 22 දක්වා.
අරමුණ: සියලුම රජයේ ඩිජිටල් වේදිකාවන්හි ඒකාකාරී බව, ප්රවේශ්යතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ප්රමිතීන් තවදුරටත් ඔප්නැංවීම.
සම්බන්ධ වන ආකාරය: පහත සබැඳියෙන් ලේඛනය බාගත කර ඔබගේ යෝජනා හෝ තාක්ෂණික අදහස් යොමු කරන්න. ඔබ ලබා දෙන දායකත්වය සෑම ශ්රී ලාංකිකයෙකුටම බාධාවකින් තොරව ප්රවේශ විය හැකි නවීන ඩිජිටල් රාජ්ය සේවාවක් ගොඩනැගීමට මහත් ශක්තියක් වනු ඇත.
විද්‍යුත් තෑපෑල: dir_it@mode.gov.lk