Skip to main content

🚨රථවාහන වැරදි CCTV මඟින් හඳුනාගෙන ඇති බව පවසමින්, SMS සහ WhatsApp හරහා ව්‍යාජ පණිවිඩ යොමු කරමින් ජනතාව ඉලක්ක කරන වංචාකරුවන් පිළිබඳව වාර්තා වී ඇත.

මෙහිදී නිල Gov Pay සේවාවට සමාන ව්‍යාජ වෙබ් අඩවි භාවිත කරමින්, ඔබගේ වාහන තොරතුරු සහ බැංකු කාඩ්පත් විස්තර ලබාගෙන මුදල් සොරකම් කිරීම සිදු කරයි.

⚠️ සැලකිලිමත් වන්න: 📍නොදන්නා Links මත ක්ලික් නොකරන්න. 📍OTP, PIN, CVV කිසිවෙකුට ලබා නොදෙන්න. 📍නිල .gov.lk වෙබ් අඩවි පමණක් භාවිතා කරන්න. 📍විදේශීය අංකවලින් ලැබෙන දඩ/ගෙවීම් පණිවිඩ විශ්වාස නොකරන්න.

ඔබේ දත්ත ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමකි. දැනුවත් වන්න. ප්‍රවේශම් වන්න. සුරක්ෂිතව සිටින්න.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 භාවිතා කර +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා 0771167739, 0742756098 යන ජංගම දුරකථන අංක මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිතා කර මේ වන විටත් කිසියම් පාර්ශවයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට හා මුල්‍යමය වංචා සිදුකරන බවට අප වෙත වාර්තා වී ඇත.

එම පාර්ශවය විසින් රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් (APP) නිර්මාණය කර ඩිජිටල් හැඳුනුම්පතක් හෝ ඊ ජාතික හැඳුනුම්පතක් සඳහා ඔබගේ තොරතුරු ලියාපදිංචි කර ගන්නා බව පවසමින්, දෙපාර්තමේන්තු නාමය අවභාවිතා කරන බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එවැනි ලියාපදිංචියක් සිදු නොකරන බව ඔබ වෙත අවධාරණය කරන අතර, එවැනි ජංගම දුරකථන මගින් ලැබෙන ඇමතුම් සඳහා ඔබගේ තොරතුරු ලබා නොදෙන ලෙස කාරුණිකව දන්වමි.

තවද, අපගේ ක්ෂණික දුරකථන අංකය හා සමාන අංකයකින් ඇමතුම් ලබාගෙන https://drpgov-lk.com යනුවෙන් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිතා කරමින් ඔබගේ තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එම තොරතුරු ලබා දීමෙන් වලකින ලෙසත් වැඩිදුරටත් දන්වමි. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් ඊ ජාතික හැඳුනුම්පතක් හෝ ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා මේ වන තෙක් කිසිදු ලියාපදිංචියක් සිදු නොකරන බව දන්වන අතර වංචනික පුද්ගලයින්ගෙන් ආරක්ෂා වන ලෙස මහජනතාව වෙත කාරුණිකව දන්වනු ලැබේ.

එච්.එම්.ජේ.එම්.හේරත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්

අලුතින් ප්රකාශයට පත් කරන ලද ශ්රී ලංකා ඩිජිටල් ගැලපුම් පද්ධතිය (Sri Lanka Digital Design System – SLDDS) ඒකාබද්ධ මාර්ගෝපදේශ (Integrated Guidelines) ලේඛනය සම්බන්ධයෙන් ඔබගේ වටිනා අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස අපි මහජනතාවට, මෘදුකාංග සංවර්ධකයින්ට සහ ප්රවේශ්යතා විශේෂඥයින්ට ආරාධනා කරමු. මෙම ලේඛනය රජයේ ඩිජිටල් සේවාවන්හි දෘශ්ය අනන්යතාවය, වෙබ් ප්රවේශ්යතාව (WCAG 2.2) සහ කෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳ ජාතික ප්රමිතිය නියම කරයි.

  • අදහස් ලබා දිය හැකි කාලය: 2026 අප්රේල් 21 සිට 2026 මැයි 22 දක්වා.

  • අරමුණ: සියලුම රජයේ ඩිජිටල් වේදිකාවන්හි ඒකාකාරී බව, ප්රවේශ්යතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ප්රමිතීන් තවදුරටත් ඔප්නැංවීම.

  • සම්බන්ධ වන ආකාරය: පහත සබැඳියෙන් ලේඛනය බාගත කර ඔබගේ යෝජනා හෝ තාක්ෂණික අදහස් යොමු කරන්න. ඔබ ලබා දෙන දායකත්වය සෑම ශ්රී ලාංකිකයෙකුටම බාධාවකින් තොරව ප්රවේශ විය හැකි නවීන ඩිජිටල් රාජ්ය සේවාවක් ගොඩනැගීමට මහත් ශක්තියක් වනු ඇත.

     විද්‍යුත් තෑපෑල: dir_it@mode.gov.lk
  • SRI LANKA DIGITAL DESIGN SYSTEM - Download pdf