ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමය (ADRMP) විසින් මෙහෙයවනු ලැබූ "ආපදා ඔරොත්තු දීමේ හැකියාව සඳහා GeoAI යොදාගැනීම" සම්බන්ධයෙන් වූ ජාතික මුලපිරීම පසුගිය දා (12) කොළඹ දී දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, NBRO, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විදුලි සංදේශ හවුල්කරුවන්, පෞද්ගලික අංශයේ නවෝත්පාදකයින්, ශාස්ත්‍රාලිකයන්, ප්‍රජා පාදක සංවිධාන සහ මාධ්‍ය නියෝජනය කරමින් 80 කට අධික පිරිසක් එක්රැස් වූ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් ඒ. හොවෙල් මහත්මිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී GeoAI සහ නවෝත්පාදනය හරහා ආරක්ෂිත සහ වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන වැඩපිලිවලක් සම්බන්ධයෙන් අවධාරණය කළේය.




