Skip to main content

President’s Export Awards

MoT Editor

අපනයන ක්ෂේත්රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්රී ලාංකික අපනයනකරුවන් අගයමින් ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි. කර්මාන්ත සහ සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල අද (11 දා ) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පැවැත්විනි.

අපනයන ක්ෂේත්රයට සහ ආර්ථික ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්රී ලාංකික අපනයනකරුවන් වෙත පිරිනමනු ලබන උසස්ම සම්මානය වන මෙම ජනාධිපති අපනයන සම්මාන ප්රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා අතිමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි.

ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්රදානය 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කොට තිබෙයි. 2024/2025 වසරවල ශ්රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙවර සම්මාන උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළුව සම්මාන 107ක් පිරිනමනු ලැබීය. අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුකරන ලදී.

ආංශික සම්මාන තෝරා ගැනීමේදී අපනයන ආදායම පමණක් නොව අපනයන වෙළඳපල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය , අපනයන ආදායම් ආපසු රටතුලට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි නිර්ණායකද සැලකිල්ලට භාජනය විය. මෙවර සම්මාන උළෙලේදී වසරේ හොඳම අපනයනකරු සම්මානය දිනාගනු ලැබුවේ “ඔමෙගා ලයින් සමාගම” විසිනි. මෙහිදී සම්මානලාභින් හට සම්මානයක් හෝ සමරු ඵලකයක් සමඟ සහතිකපත්රයක් පිරිනමන අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඔවුන්ට හිමිවෙයි.

කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පැවති මෙම උළෙලට ගරු, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, (ආචාර්ය) අනිල් ජයන්ත; ගරු, බලශක්ති අමාත්‍ය, කුමාර ජයකොඩි; තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, සුනිල් කුමාර ගමගේ; ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකරන්; ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න; විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය, අරුන් හේමචන්ද්‍ර; ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ අමාත්යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු රාජ්ය තාන්ත්රික නිලධාරීන්, රාජ්ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු ආරාධිතයින් 1500 ක පමණ පිරිසක් සහභාගි වූහ.

image 01image 02image 05image 03image 04image 06