ගරු ඩිජිටල් ආර්ථිකය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන අමාත්‍යාංශයේ වැඩ, චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දල්වා ආශිර්වාද මැද මිත්‍රත්වය වැඩිදියුණු කරමින් උත්සවශ්‍රීයෙන් ඇරඹිණි.
උත්සව සභාව ඇමතූ අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා කියා සිටියේ ජාත්‍යන්තර භූ දේශපාලන තත්ව යටතේ ඉදිරි දුරස්ථව වැඩ කිරීම සඳහා වූ ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද පිලිබඳවත්, මෙම වසරේ අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන උපරිමකරණය කිරීමටත් මූලිකත්වය දී කටයුතු කරන බවයි.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ඇතුලු, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහ අමාත්‍යංශ නිලධාරීන් සහභාගි විය.




