Google ආයතනය සමඟ සම්බන්ධ වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට A සහ B ශ්‍රේණියේ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ. Google ආයතනය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත Google GMCP (google Map content partner) ලබා දී ඇති අතර මේ හේතුවෙන් මෙම යාවත්කාලීන කිරීම් මර්ග සංවර්ධන අධිකාරියට සිදු කිරීමේ අවකාශය හිමි ව ඇත.
මෙම වැඩසටහනේ දෙවන අදියරය වශයෙන් සෙසු මාර්ග පද්ධති ද යාවත්කාලීන කිරීමට නුදුරේදී කටයුතු කෙරේ.