Skip to main content

ඩිජිටල් වේදිකා වල නිවැරදි පාලනය පිළිබඳ ජාතික උපදේශනය

MoT Editor

අද දින වෘත්තීය තාක්‍ෂණ විශ්ව විද්‍යාලයෙහි දී "ඩිජිටල් වේදිකා වල නිවැරදි පාලනය පිළිබඳ ජාතික උපදේශනය" යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් වේදිකා සම්බන්ධයෙන් වගවීම සඳහා කලාපීය ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳව පැහැදිළි කළේය. ත්‍රිභුවන් විශ්ව විද්‍යාලය (නේපාලය), ජහංගිර්නගර් විශ්ව විද්‍යාලය (බංග්ලාදේශය) සහ UoVT (ශ්‍රී ලංකාව) යුනෙස්කෝව සමඟ සංවිධානය කරන ලද මෙම සමුළුව සයිබර් ආරක්ෂාව සහ අයිතිවාසිකම් මත පදනම් වූ පාලනයන් සම්බන්ධයෙන් පැවැත්විණ.

ත්‍රිභුවන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය කුන්දන් ආර්යල්, වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කරන අතරම ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් සිය දේශනය ඉදිරිපත් කළේය. යුනෙස්කෝ නියෝජිත නිර්ජනා ෂර්මා මහත්මිය ඩිජිටල් වේදිකා පාලනය සඳහා යුනෙස්කෝ මාර්ගෝපදේශ පිටුපස ඇති තාර්කික පසුබිම සම්බන්ධයෙන් පැහැදිලි කළාය.

image 01image 02image 05image 03image 04image 06