Skip to main content

HUTCH Contributes Rs. 60 Million to Support Cyclone-Affected Communities

MoT Editor

විපතට පත් ජනතාවට සහන සැලසීමට HUTCH සමාගමෙන් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක්.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී HUTCH සමාගම විසින් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ - හචිසන් ආසියා ටෙලිකොම් හොංකොං/හච්හි අධ්‍යක්ෂ ඈන් චෙන් සහ හච්හි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි සෞමිත්‍ර ගුප්තා යන මහත්ම මහත්මීන් විසින් ඊට අදාළ චෙක්පත අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

අනතුරුව හච් සමාගමේ නිලධාරීන් සමඟ සුහද කතාබහකට එක්වූ ජනාධිපති ලේකම්වරයා විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය සම්බන්ධව සිය ස්තුතිය පුද කර සිටියේය.

මීට අමතරව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නොමිලේ ඇමතුම්, දත්ත සහ කෙටි පණිවුඩ ලබා දීම, ජංගම ආරෝපණ කුටි යෙදවීම සහ සන්නිවේදන කුළුණු කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා ගුවන් යානා ඉංජිනේරුවන් යෙදවීමටද HUTCH සමාගම කටයුතු යොදා ඇත.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL)සභාපති වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත්, හච්හි (වැඩබලන ප්‍රධාන මූල්‍ය නිලධාරි) ශකිල විජේසිංහ, හච්හි අලෙවි සන්නිවේදන කළමනාකරු දිලානි ෆොන්සේකා, හච්හි ජ්‍යෙෂ්ඨ අලෙවි නිලධාරී තිසර නිපුන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 01image 02image 03