Skip to main content

NASSCOM

MoT Editor

NASSCOM නායකත්වය ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, ගරු, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජයසූරිය , ආයෝජන මණ්ඩලයේ සභාපති, අර්ජුන හේරත්, SLASSCOM නියෝජිතයින් ඇතුළු පිරිස අතර තාක්‍ෂණ, නව්‍යකරණ සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ හමුවක් පැවැත්වීය.

මෙම සංවාදයේදී ශ්‍රී ලංකා–ඉන්දියා තාක්‍ෂණික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම, නව්‍යකරණ හා හැකියා සංවර්ධනය, ආයෝජන අවස්ථා සොයා බැලීම, සහ ICT අංශයේ වර්ධන වේගවත් කිරීමට යෝජිත ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කළේය.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තාක්‍ෂණික බැඳීම් තවදුරටත් ශක්තිමත් කළ අතර, නව අවස්ථා හඳුනා ගනිමින් SLASSCOM–NASSCOM සහෝයෝගීත්වය වැඩිදියුණු කිරීමට නව මාර්ග විවෘත කරන්නක් විය.

image 01image 02image 03image 04image 05image 06