Skip to main content

ජාතික සුපිළිපන් සතියට සමගාමීව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වූ ප්‍රතිඥාව ලබාදෙයි.

MoT Editor

රාජ්‍ය සේවය තුළ “සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සක්‍රීයව දායක වීම අරමුණු කරගනිමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වූ ප්‍රතිඥාව ලබාදීම අද (27) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.

වර්තමාන රජයේ ප්‍රධාන තේමාව වන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි දීපව්‍යාප්ත රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි සංවිධානය කර ඇති විශේෂ ප්‍රවර්ධන සතියට සමගාමීව මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ, ඩිජිටල් රාජ්‍ය පාලනයක් කරා ගමන් කිරීමේදී නිලධාරීන්ගේ ආකල්පමය සහ චර්යාත්මක වෙනස ඉතා වැදගත් වන බවත්, සුපිළිපන් භාවය සහ තාක්ෂණය මුසු කරමින් ජනතාව වෙත කාර්යක්ෂම හා විශ්වාසනීය සේවාවක් සැපයීම මෙම මෙහෙයුමේ ප්‍රධාන බලාපොරොත්තුව බවත්ය.

එමෙන්ම, සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණය කිරීම තුළින් උසස් විනිවිදභාවයකින්, වගවීමකින් සහ උපරිම කාර්යක්ෂමතාවයකින් යුත් ජනතාවාදී රාජ්‍ය සේවයක් ගොඩනැඟීම උදෙසා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවී ක්‍රියාකරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි

image 01image 03image 05image 04image 06