Skip to main content

EDCS ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණයෙන් යළි ඇරඹේ.

MoT Editor

අධ්‍යාපන සමූපකාර සමිතිය (EDCS) ඩිජිටල්කරණය කිරීම සඳහා පසුගිය පාලන සමයන්හිදී රුපියල් මිලියන 70 කට ආසන්න මුදලක් වැය කර අතරමග අත්හැර දමා තිබූ ව්‍යාපෘතිය යළි සක්‍රීයව ආරම්භ කිරීමට පියවරගෙන ඇත.

ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ගරු, කම්කරු නියෝජ්‍ය අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල් අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු විය. එහිදී තීරණය වූයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ GovTech විශේෂඥ සහායද ඇතිව මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටයි.

මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා EDCS හි 2,29,000 කට අධික සාමාජිකයින් වෙත වඩාත් කඩිනම්, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම වත්මන් පරිපාලනයේ ප්‍රධාන අභිලාෂයයි.

image 01image 02image 03image 05image 04image 06