ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ GovTech ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කළ “වඩා යහපත් නීති සම්පාදනය සඳහා වඩා යහපත් මෙවලම්” (Better Tools for Better Lawmaking) තේමාව යටතේ පැවැති විශේෂ වැඩමුළුවක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී (LDD) පසුගිය 21 දා පැවැත්විණි.ගරු
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුවේදී, නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ දැක්ම සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරන ලදී. මෙහි පළමු පියවර ලෙස යෝජිත අතථ්ය වත්කම් සේවා සපයන්නන්ගේ (VASP) පනත් කෙටුම්පත සඳහා මෙම AI තාක්ෂණය භාවිත කිරීමට යෝජනා වී ඇත.
මීට සමගාමීව, AI තාක්ෂණය ඔස්සේ කෙටුම්පත් කිරීම, තහවුරු කිරීම සහ ත්‍රිභාෂා නිෂ්පාදන මෙවලම් භාවිතයේ ප්‍රායෝගික හැකියාවන් පෙන්වා දෙමින් GovTech ශ්‍රී ලංකා ආයතනයේ නීති උපදේශක ත්‍රිනේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු ඉෂාන් රසීන් සහ චින්තනී ඈපාආරච්චි යන මහත්ම මහත්මීන් විසින් දැනුම හුවමාරු කර ගැනීමේ සැසියක් මෙහෙයවන ලදී. එමෙන්ම එහිදී දත්ත සූදානම, ආරක්ෂණ ක්‍රමවේද සහ නියමු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින.
මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්‍ය හාන්ස් විජයසූරිය , ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර, යන මහත්ම මහත්මීන් ඇතුළු නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.





